November, 25, 2019
මෙරට ප්රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි පාලක කොටස් හිමිකරුවා වන ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා, සිය කොටස් හිමිකාරීත්වය 50.44% සිට 51% ක් දක්වා ඉහළ නංවා තිබේ.
පසුගිය නොවැම්බර් 21 දින හේලීස් පීඑල්සී හි කොටස් 430,000 ක් මිල දී ගැනීමත් සමඟම මෙලෙස හේලීස් සමාගමේ 51%ක කොටස් අයිතිය ධම්මික පෙරේරා විසින් තහවුරු කර ගෙන ඇත.
2019 සැප්තැම්බර් 30 දිනට සමාගමේ කොටස්කරුවන්ගේ ලැයිස්තුවට අනුව ධම්මික පෙරේරා කොටස් 37,829,697 ක් හෙවත් 50.44% ක කොටස් ප්රමාණයකට හිමිකම් කී තිබුණි.
මේ අනුව පසුගිය දා සිදුකළ කොටස් මිල දී ගැනීමත් සමඟ හේලීස් පීඑල්සී හි ධම්මික පෙරේරා සතු කොටස් ප්රමාණය, කොටස් 38,259,697 ක් දක්වා ඉහළ යනු ඇත.
ධම්මික පෙරේරා හේලීස් සමූහයේ සම සභාපතිවරයා ද වේ.
Video Story