November, 25, 2019
ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා අරඹමින් ඕමානයේ සලාම් එයාර් ගුවන් සේවය, මස්කට් සිට කටුනායක දක්වා අද (25) දින සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙලෙස මෙහෙයුම් අරඹන ලද සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද උදෑසන කටුනාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය.
කොළඹ සහ මස්කට් අතර සතියකට සිව්වතාවක් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වීමට නියමිතය.
“කොළඹ සහ මස්කට් අතර ගුවන් ගමන් හඳුන්වාදීම ඕමානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත. ඕමානයේ සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සංචාරකයින්ට සහ ව්‍යාපාරිකයින්ටද එය පහසුකම් සපයයි”, යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සලාම් එයාර් හි ප්‍රධාන විධායක කපිතාන් මොහොමඩ් අහමඩ් මහතා කියා සිටියේය.
Video Story