කොටස් වෙළෙඳපොළ ඒකක 100 කින් ඉහළට. නව රජයේ බදු සහනවලට ප්‍රතිචාරයක්

    November, 28, 2019

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු නව රජය විසින් ඊයේ (27) දින ප්‍රකාශයට පත් කරන ලද නව බදු සහන හමුවේ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක් අද (28) උදෑසන දැකගත හැකිවිය.

    මෙහිදී පළමු ගනුදෙනු පැය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවා ඉහළ ගිය අතර ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයේ සීමාව ඉක්මවා යන ලදී.