November, 28, 2019
උපයන විට ගෙවීමේ බදු හෙවත් PAYE බදු අය කිරීම මුළුමනින්ම ඉවත් කිරීමෙන් පසු ආදායම් බදු අය කරනු ලබන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළේය. ඒ අද දෙරණ Big Focus සමඟ එක්වෙමිනි.
“PAYE බදු මත රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ බදු ක්‍රමය හා රජය ගැන විශාල කළකිරීමකට පත්වෙලා තිබුණා. ඔබ උපයන විට බද්දට යටත් නම් එහි බදු කපා ගෙන තමයි ඉතුරු කොටස තමයි ආයතනය ඔබට දෙන්නේ. රු. 125,000 ට වඩා වැඩිනම් දීමනා සමඟ මෙය අදාළ වෙනවා. සාමාන්‍යයෙන් විධායක මට්ටමේ නිලධාරීන් රු. 30,000 ක් 40,000 ක් සිය වැටුපෙන් මේ සඳහා ගෙවනවා. මේ ක්‍රමය මින් පස්සේ නැහැ. දෙසැම්බර් පළමුවැනිදා පටන් උපයන විට බද්දක් නැහැ“, යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
මේ අනුව මින් මතු ආදායම් බදු අය කිරීමේ අවම සීමාව රු. 250,000 ක් දක්වා සංශෝධනය කර තිබේ. එහිදී ස්ථර 3ක් යටතේ 6%, 12% සහ 18% යනාදී වශයෙන් ආදායම් බදු අය කිරීමක් සිදුකෙරේ. ඒ පහත පරිදිය.
පළමු රු. 250,000 ඉක්මවා යන ප්‍රමාණයයට 6%
දෙවන රු. 250,000 ඉක්මවා යන ප්‍රමාණයට 12%
තෙවන රු. 250,000 ඉක්මවා යන ප්‍රමාණයට 18%
තවද මීට පෙර අයකරන ලද උපරිම ආදායම් බදු ප්‍රතිශතය වූ 24% සීමාව මේ අනුව 18%ක් දක්වා අඩු කර ඇත.
“ඔබ ආයතනයෙන් දීමනා ඇතුළුව ලබන වැටුප රු. 250,000 ට වඩා වැඩිනම් අනෙක් පුරවැසියෝ වගේ ආදායම් බද්දට යටත් වෙනවා. ආදායම් බද්දත් බොහොම පොඩි එකක්. මෙය අසාමාන්‍ය සහනයක්. තමන්ගේ ශ්‍රමය, තමන්ගේ දැනුම, තමන්ගේ ශක්තීන් වැය කරන, වැඩ කරන ජනතාවට දෙන්න පුළුවන් උපරිම රාජ්‍ය සානුබලය දිරිගැන්වීම තමයි මේ ලබලා දීලා තියෙන්නේ. ඔබ රාජ්‍ය පුද්ගලික කවර ආයතනයක සේවය කළත් මින් පසු බදු ලෙස වැටුපෙන් අඩුකරන්නේ නැහැ“, යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම නව බදු සංශෝධනවලට අනුව රු. 250,000 ට වැඩි ආදායමක් ලබන සේවා නියුක්තිකයෙක් නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනුවක් විවෘත කර ස්වයං තක්සේරුව සිදුකර බදු ගෙවිය යුතුවේ.
Video Story