December, 1, 2019
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝග හා දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්ට අනුව, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට පනවා තිබූ ප‍්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක‍්‍රියාකාරකම් අත්හිටුවීම 2019 නොවැම්බර් 30 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බලපැවැත්වෙන නියාමනයන්ට අනුකූල වීමට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට අඛණ්ඩවම නොහැකි වීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 මැයි මස 31 වැනි දින ප. ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.05.30 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි.
මුදල් මණ්ඩලයේ නව තීරණයට අනුව මෙම අත්හිටුවීමේ නියෝගය අවලංගු කර ඇත.
Video Story