December, 2, 2019
මෑතකාලීනව සිදු කරන ලද බදු සංශෝධන මගින් කෙටිකාලීනව අඩු උද්ධමනයට සහ ඉහළ ආර්ථික වර්ධනයට සහාය වනු ඇති නමුත්, එමගින් මැදිකාලීනව ආර්ථිකයට ඇතිවන බලපෑම තක්සේරු කිරීම සඳහා රජයේ මැදිකාලීන රාජ්‍ය මූල්‍ය මාවත පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පවසයි. 2019 වසරේ මේ දක්වා කාලය තුල දී රාජ්‍ය මූල්‍ය ඉලක්ක ළඟා කර ගැනීමට නොහැකි වීම ද සැලකිල්ලට ගත් මුදල් මණ්ඩලය මේ බව සඳහන් කරයි.
අපේක්ෂිත ලෙස වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑම සමඟ මෑත මාසවලදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මූල්‍ය අංශය හරහා ආර්ථිකය වෙතට සම්ප්‍රේෂණය වෙමින් පවතින බව 2019 නොවැම්බර් 28 වෙනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.
Video Story