December, 2, 2019
නව රජයේ නව ආදායම් බදු සංශෝධන මෙරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ මාසික වේතන ලබන සේවකයින්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. බොහෝ ආයතනවල වසර අවසාන ප්‍රසාද දීමනා ආදිය ලබා දීමක් සිදුවන බැවින් මෙම දෙසැම්බර් මාසයේ දී තමන් මාසිකව ලබන වැටුපට වඩා කිහිප ගුණයක වැටුපක් අතට ගැනීමට බොහෝ ආයතනවල සේවකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද නව ආදායම් බදු සංශෝධන ප්‍රකාරව දෙසැම්බර් මාසයේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ඇතුළත්ව ලබන වැටුප, උපයන විට ගෙවීමේ බදු (PAYE) සඳහා යටත් වන්නේ ද නැද්ද යන්න පිළිබඳව විමසිලිමත් වීමට ඔවුන් මේ වන විට යොමු වී සිටී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව උපයන විට බද්ද (PAYE), ආදායම් බදු වෙත පරිවර්තනය වීම බලාත්මක වන්නේ 2020 ජනවාරි 01 දින සිටය. 2019 දෙසැම්බර් මාසය සම්බන්ධයෙන් එහි සඳහනක් නොවන බැවින් බොහෝ විට උපයන විට ගෙවීමේ බදු මෙම දෙසැම්බර් මාසයට ද අදාළ වනු ඇත. අනෙක් අතට බොහෝ සමාගම් කාර්තුමය පදනම මත මෙම උපයන විට බදු ගෙවීම් ගළපනු ලබන බැවින් 2019 දෙසැම්බර් කාර්තුව අවසන් වීමට මාසයක් ඉතිරිව තිබිය දී මෙම ගණනය කිරීම් හි වෙනස්කම් සිදුකිරීම ඇතැම් විට තාක්ෂණික අපහසුතා මතුකළ හැකි තත්ත්වයක් වේ.
කැබිනට් අනුමැතිය යටතේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව හඳුන්වා දෙන ලද ආදායම් බදු යෝජනා ක්‍රියාත්මක වන දින සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඉංග්‍රීසි බසින් නිකුත් කර ඇති අදාළ නිවේදනය පහතින් දැක්වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.
Secretariat - Tel: 011 - 2135412, 011 - 2135413, 011 - 2135411
Deputy Commissioner General – Tax Policy - Tel: 011-2135402

Video Story