December, 3, 2019
කාබන් අවම සංවර්ධනයක් සඳහා වන මෙම උපාය මාර්ගය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන කර්මාන්තයට 'වගකීමක් සහිත විලාසිතා' (Responsible Fashion) යන ගෝලීය සම්මුතිය වැළඳ ගැනීමට උපකාරි වනු ඇත.
HSBC සහ සොබදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමයේ (IUCN) ශ්‍රී ලංකා කාර්යාලය විසින් දේශීය ඇඟලුම් කර්මාන්තය, කාබන් අවම සංවර්ධනයක් කරා වෙනස් කිරීමේ උපාය මාර්ගික ව්‍යාපෘතියක් දියත් කරන බව 2019 දෙසැම්බර් 3 වන දින, කොළඹ 1 පිහිටි HSBC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයේදී නිවේදනය කර සිටී. මෙම උපාය මාර්ගික වැඩපිලිවෙල, IUCN විසින් කරන ලද පර්යේෂණ මත පදනම්ව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAFSL), ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානය (NCPC) සහ ආයෝජන මණ්ඩලය (BOI) සමඟ හවුල්කාරිත්වයෙන් සකස් කෙරේ.
මාර්ක් ප්‍රොතෙරෝ මහතා, ප්‍රධාන විධායක නිලධාරි, HSBC - ශ්‍රී ලංකාව සහ මාලදිවයින: “ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ තීරණාත්මක ආදායම් උපයන්නෙකු වන අතර එහි හරිතවත් සංවර්ධන සංක්‍රාන්තිය කෙරෙහි සහය වීම, කර්මාන්තයේ වර්ධනයට සහ දිගු කාලීන ස්ථාවරත්වයට අත්‍යාවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතිය හරහා HSBC තම ගනුදෙනුකාර ආයතනික සමාජ වගකීමෙන් ඔබ්බට ගොස් ප්‍රජාවන්ට, පරිසරයට සහ රටට විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි දැනුම පදනම් කරගත් මෙහෙවරක් සඳහා තම දායකත්වය ලබා දෙනු ඇත. දැනුම මත පදනම් වූ මැදිහත් වීම්, දිගු කාලීනව සිදුවන විපර්යාසයන් යහපත් බලපෑම් සහිත තිරසර විපර්යාසයන් බව තහවුරු කිරීම සඳහා වන හොඳම ක්‍රමය යැයි අපගේ විශ්වාසයයි.”
ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි, දේශීය නියෝජිත, IUCN - ශ්‍රී ලංකාව : “උපාය මාර්ග සංවර්ධන ක්‍රියාවලියේදි, තොරතුරු ලබා ගැනීම සහ තහවුරු කර ගැනීම සඳහා IUCN විසින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානය (NCPC) සහ අයෝජන මණ්ඩලය (BOI) සමඟ හවුල්කාරිත්වයක් ගොඩ නඟා ගනු ඇත. උපාය මාර්ග සංවර්ධන ක්‍රියාවලියේදී අපේක්ෂා කරන උපදේශනය තුල නියාමන ආයතන, ඇඟලුම් කර්මාන්තයේ ජ්‍යෙෂ්ට කළමනාකාරවරුන් සහ තාක්ෂණික මට්ටමේ නිලධාරින්, කර්මාන්ත මෙහෙයුම් සහ ක්‍රියාවලීන් පිළිබඳ පුහුණු පරිසර විගණකවරුන් ආදීන් ඇතුළත්වේ. මේ විෂයට අදාළව ජාත්‍යන්තර දැනුම් මූලයන් සමාලෝචනයද අප විසින් සිදු කෙරේ.”
2017 දී HSBC තිරසර මූල්‍යකරණය සඳහා ඇ.ඩො. බිලියන් 100ක ප්‍රතිඥාවක් ලබා දී ඇති අතර ප්‍රායෝගිකව එය කාබන් භාවිතය අවම අනාගතයක් උදෙසා විපර්යාසයන්ට අනුගත මූල්‍යකරණ, කළමනාකරන සහ හැඩගැස්සවීමේ ගෝලීය හවුල්කරුවන් අතර HSBC ද පෙරමුණේ සිටින බව තහවුරු කරයි. 2015 පැරිස් දේශගුණික ගිවිසුම සහ එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ ලඟා කරගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දීමට HSBC කැපවී සිටි.
ඇඟලුම් සහ නිමිඇඳුම් අංශයන්හී තිරසර මූල්‍යකරණය එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ කිහිපයකට දායක වනු ඇත; එනම් SDG 6: සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබා ගත හැකි බව හා තිරසර කළමනාකරණය සහතික කිරීම, SDG 9: ප්‍රත්‍යාස්ථ යටිතල පහසුකම් ඉදිකිරීම, පූර්ණ සහ තිරසර කාර්මීකරණය සහ නව නිපයුම් ප්‍රවර්ධනය, SDG 11: නගර හා මිනිස් ජනාවාස, පූර්ණ ආරක්ෂිත, ප්‍රත්‍යාස්ථ, තිරසර තත්වයට පත් කිරීම, SDG 13: දේශගුණික විපර්යාස සහ ඒවායේ බලපෑම්වලට එරෙහිව ඉක්මණ් ක්‍රියාමාර්ග ගැනීම.
Video Story