සිමෙන්ති මිල පහළට

    December, 4, 2019

    VAT අඩුවීමේ සහ NBT ඉවත් කිරීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙන්න ඉන්සි සිමෙන්ති සමාගම තීරණය කරයි

    ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා (සියැම් සිටි සිමෙන්ති (ලංකා) සමාගම) සිය පාරිභෝගිකයින්ට සහ කාර්මික පාරිභෝගිකයින්ට බදු අඩු කිරීමේ ප‍්‍රතිලාභ ලබා දෙන බව දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා බදු සහන ලබා දෙන බවට ශ‍්‍රී ලංකා රජය විසින් පසුගියදා කරන ලද නිවේදනයෙන් අනතුරුව, මෙරට ප‍්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වඩාත් ජනප‍්‍රිය ගෘහස්ථ සන්නාමයන් වන සංස්ථා සහ මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති නිෂ්පාදකයා වන ඉන්සි සිමෙන්ති එම බදු සහනයේ වාසිය පාරිභෝගිකයන් වෙත පිරිනැමීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මක කර ඇත. ඒ අනුව NBT ඉවත් කිරීම සහ VAT බද්ද අඩු කිරීමේ සහනය අනුව ඉන්සි සිමෙන්ති අඩු කළ මිල 2019 දෙසැම්බර් 1 වන දින සිට ක‍්‍රියාත්මක වේ.

    මේ අනුව සංශෝධිත උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නව නිර්දේශයන් ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කරනු ඇත.

    ශ‍්‍රී ලංකාවේ පුර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන්නේ ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා සමාගමයි. සමාගමේ ප‍්‍රමුඛතම සන්නාමය වන සංස්ථා සිමෙන්ති යනු ශ‍්‍රී ලංකාවේ දියත් කරන ලද පළමු සුපිරි බ්ලෙන්ඩඩ් සිමෙන්ති නිෂ්පාදනය වේ. මීට අමතරව ඉන්සි විසින් පෑලියගොඩ අති නවීන ඉන්සි කොන්ක‍්‍රීට් නිෂ්පාදන කම්හලේ පෙර සැකසුම් කොන්ක‍්‍රීට් නිෂ්පාදනය කෙරේ.