December, 9, 2019
ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ හෙට (10) දින පැවැත්වෙන Emerging Markets and Sri Lanka’s Growth Trajectory ව්‍යාපාරික සමුළුව ඇමතීමටය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි.
ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළඳපල සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය.
2015 ට පෙර ඔහුගේ Templeton අරමුදල මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ කැපී පෙනෙන ආයෝජකයෙකු විය. කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේ දී සිය ආයෝජන කල්පිරීම හේතුවෙන් ඒවා ඉවත් කර ගැනීමට ඔහු පියවර ගත්තේය.
එබැවින් ඔහු එක්වන මෙම ආයෝජක සමුළුව, ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව මෙරට වෙත යොමුකරවා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත.
Video Story