තැරැව්කාර සමාගමකට එරෙහිව කොටස් වෙළෙඳපොළ විනය ක්‍රියාමාර්ග ගනී

    December, 9, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බාට්ලීට් රෙලිගෙයාර් සිකියුරිටීස් (පුද්) සමාගම වෙත 2019 දෙසැම්බර් 10 වැනි දිනට බලපැවැත්වෙන පරිදි වාරණයක් පනවා ඇත.

    ඒ අනුව හෙට (10) දින, ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය (Automated Trading System) හරහා තම ගිණුම්වලට හෝ තම සේවාදායකයින්ගේ ගිණුම්වලට කොටස් මිල දී ගැනීම තහනම් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.

    විසින් බාර්ට්ලීට් රෙලිගෙයාර් සිකියුරිටීස් (පුද්) සමාගමට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ගයකට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම පියවර ගෙන ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.