December, 12, 2019
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් ආදායම අනුව දෙවැනියට විශාලතම සමාගම වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විශාලතම විදෙස් ව්‍යාපාර ඒකකය වන කාම්බෝජයේ ක්‍රියාත්මක Prasac Microfinance සමාගම විකුණා දැමීමට සැලසුම් කර ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය අනාවරණය කර සිටී. එම ප්රවෘත්ති සේවය LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ඒ බව සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් දැක්වෙන පරිදි අදාළ ගනුදෙනුවෙන් ලැබෙන අරමුදල් බ්‍රසීලයේ සිට ඉන්දියාව දක්වා නැගී එන වෙළෙඳපොළවල ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් අත්පත් කර ගැනීම සඳහා යෙදවීමට සැලසුම් කර තිබේ.
“එය ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස ඉතා විශාලයි. මා සිතන්නේ එය බැංකුවක් දක්වා වර්ධනය විය යුතුයි“, යනුවෙන් ඉෂාර නානායක්කාර මහතා කියා සිටී.
Prasac Microfinance සමාගමේ 70% ක කොටස් හිමිකාරීත්වය LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවේ.
LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී මෙම අනාවරණයත් සමඟම, සමාගමේ කොටස් මිල අද මධ්‍යහ්නය වන දිනය තුළ දී 12% ක් ඉක්ම වූ වර්ධනයක් වාර්තා කර තිබිණි.
Video Story