BOI වෙළෙඳ ප්‍රදර්ශනය WTC හිදී

    December, 13, 2019

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (12) කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී විවෘත විය. මෙවර මෙම වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ පස්වන වරටයි.

    ප්‍රදර්ශනය හෙට දින දක්වා පැවැත්වෙන අතර පාරිභෝගිකයින්ට ආයෝජන මණ්ඩලයෙන් සහන මිල ගණන් යටතේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙයි.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහභාගී විය.