මහ බැංකුව රු. මිලියන 25,000ක බැඳුම්කර නිකුත් කරයි

    December, 13, 2019

    ඊයේ (12) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 25,000 ක බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    මෙහිදී වසර 04යි මාස 09 කින් කල් පිරෙන පරිදි 9.85% පොළී අනුපාතිකය යටතේ රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර වසර 10 මාස 05කින් කල් පිරෙන 11% පොළී අනුපාතිකය යටතේ රුපියල් මිලියන 10,000 ක බැඳුම්කර නිකුත් කර තිබේ.