December, 16, 2019
2019 ඔක්තෝබර් 31 දින නිකුත් කරන ලද අංක 2147/72 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන 2019 අංක 02 දරන මුදල් (මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද) නියෝග ලෙස හඳුන්වනු ලැබිය හැකි නියෝගයක් කරන ලදී.
ඊට අනුව මෙරටට ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් නව සුඛෝපභෝගී බද්දක් හඳුන්වා දෙනු ලැබීය. එය පහත ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වුණි.
මෙම සුඛෝපභෝගී බද්ද 2019 මාර්තු 06 දින සිට ක්‍රියාත්මක වන අතර මාර්තු 06 ට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වනු ඇත. මෙම නව රෙගුලාසි අනුව රු. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් සුඛෝපභෝගී බද්ද අයකරනු ලැබේ.
දෙමුහුන් වාහන වල වටිනාකම (CIF Value) රු. ලක්ෂ 40 ඉක්මවූ විට වැඩිවන එම මුදලට සුඛෝපභෝගී බද්දක්ද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම රු. ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩි වන මුදලට ද සුඛෝපභෝගී බදු අයකරනු ලැබේ.
මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණ වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත ය. ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 1800ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා ද සිලින්ඩර් ධාරිතාව 2300ට අඩු ඩීසල් කාර් සහ ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලබන බද්ද නොවැම්බර් මස 01 දා සිට ඉවත් කරනු ඇත. එහෙත් ඔක්තෝබර් මස 31 වැනි දා වන තෙක් ණයවර ලිපි විවෘත කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිශ්කාෂණය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වේ.
කෙසේ වෙතත් 2019 දෙසැම්බර් 14 දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනයෙහි උපවගන්තියක් මගින් සංශෝධන කිහිපයක් ඇතුළත් කර ඇත.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනයේ “(අ) සහ (ආ) උපවගන්තිවල සඳහන් ණයවර ලිපියට කරනු ලබන සංශෝධන, පහත සඳහන් කෝන්දේසි තෘප්ත කරන්නේ නම් සහ ආනයනකරු විසින් යහපත් අරමුණින් කරනු ලබන්නේ නම් එම සංශෝධන භාණ්ඩාගාර ලේකම්වරයාට සලකා බැලිය හැකිය“, යනුවෙන් සඳහන් වේ. අදාළ කොන්දේසි පහතින් දැක්වේ.
මීට අදාළ 2019 දෙසැම්බර් 14 දින නිකුත් කරන ලද නිවේදනය සහ 2019 ඔක්තෝබර් 31 දින නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.



Video Story