රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 25ක ණයක්

    December, 18, 2019

    රජයේ ප්‍රධාන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු වල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25 ක ණයක් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

    මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (Public Sector Efficiency Strengthening Project - PSEP) මුදල් අමාත්‍යාංශයේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීමට, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා උපකාරී වන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මෙම ණය මුදල වසර 28ක පරිණත කාලයකින් යුක්ත වන අතර වසර 11 ක සහන කාලයකින් යුක්ත වේ.