December, 19, 2019
හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහශ්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘති කාර්යාලය විසින් සපයනු ලබන ප්‍රධාන අරමුදල් ලබාගැනීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍ර අභියෝගතා සංස්ථාව (MCC) සහ ශ්‍රී ලංකා රජය අතර සංයුක්ත ගිවිසුමකට සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019-10-29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එහෙත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සැලකිල්ලට ගනිමින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එකී කමිටුව විසින් සිය නිර්දේශ ඉදිරිපත් කරන තෙක් 2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කටයුතු කිරීම අත්හිටුවීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා (සභාපති);
* ඩී.එස්.ජයවීර මහතා, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම්;
* ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන මහතා;
* නාලක ජයවීර මහතා.
Video Story