December, 20, 2019
සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම විසින් මෑතකදී නිකුත් කළ හිමිකම් නිකුතුව සාර්ථකව අවසන් වූ බව එම සමාගම නිවේදනය කරයි.සෑම කොටස් 23 කටම නව කොටස් 12 බැගින් වූ අනුපාතයට නිකුත් කළ මෙම හිමිකම් නිකුතුවේදී එක කොටසක් රුපියල් 17 බැගින් නිකුත් කල අතර එයින් ආයතනය රුපියල් මිලියන 602ක් රැස්කරගනීමට සමත් වී ඇත. නව හිමිකම් නිකුතුව සමග ආයතනයට නව කොටස් 35,440,896 ක් එකතු වූ අතර ඒ අනුව ආයතනයේ සමස්ත කොටස් ප්‍රමාණය 67,928,384 සිට 103,369,280 දක්වා වැඩි වනු ඇත.හිමිකම් නිකුතුව සඳහා රුපියල් මිලියන 702 ක සමස්ත ඉල්ලුමක් ලැබී තිබිණි.
සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ කොටස් ඉහළ නැංවීම මගින් එහි ඉදිරි වර්ධන සහ සංවර්ධන කටයුතු නැවුම් මුහුණුවරකින් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමට අපේක්ෂිතය.එසේම වෙනස්වෙමින් පවතින වත්මන් වෙළඳපොළ ව්‍යාපාර කටයුතු විධිමත් කිරීම සහ ඩිජිටල්කරණය කිරීම ඇතුලත් නව මුලපිරීම් රාශියක් පසුගිය කාලවකවානුව තුළ ආයතනය ගෙන ඇති අතර එය ආයතනයේ ඉදිරි කටයුතු පිලිබඳ සුභවාදී දැක්මක් ඇති කර තිබේ.තවද මෙම උපායමාර්ගික ක්‍රියාමාර්ගය දැනටමත් ක්‍රියාත්මක අතර එය ඃසුභවෙනසක් නම් හැෂ් ටැගය සමඟ දියත් කර තිබේ. මෙමඟින් සමාගමේ ගනුදෙනුකරුවන්ට අසමසම පහසුවක් සහ වටිනාකමක් ලැබෙන අතර සොෆ්ට්ලොජික් සමූහයේ අනෙකුත් සාමාජිකයින් වන ආසිරි රෝහල් ජාලය, ඔඩෙල් ඇතුළු සෙසු වෙළඳ ආයතනයන් හි සමස්ත පාරිභෝගික ප්‍රජාවද ඉලක්ක කරමින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.
හිමිකම් නිකුතුව සාර්ථක වීම සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමෙහි ආයතනික උපායමාර්ගයන් පිලිබඳ ආයෝජක විශ්වාසය තහවුරුවීම පිළිබිඹු කරනු ලබයි.සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස්, සොෆ්ට්ලොජික් සමුහයේ අනුබද්ධ ආයතනයක් වන සොෆ්ට්ලොජික් කැපිටල් යටතේ ක්‍රියාත්මක වන්නකි.සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම, සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්) සමාගම,සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් (පුද්) සමාගම යන ආයතන සොෆ්ට්ලොජික් කැපිටල් යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන වෙයි.
සෞඛ්‍ය ,වෙළඳ ,මූල්‍ය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, හෝටල් , මෝටර් රථ සහ ආපනශාලා යනාදී අංශ ගණනාවකින් විවිධාංගිකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධ මූල්‍ය ආයතනයක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම වර්ෂ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ සහ වර්ෂ 2000 ශ්‍රී ලංකා මහා බැංකුවේ අංක 56 දරන මූල්‍ය ලීසිං පනත යටතේ විශේෂිත බලපත්‍රලාභී ලීසිං ආයතනයක් ලෙස ලියාපදිංචි වූ පිළිගත් ආයතනයකි.
Video Story