ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමන සවිබල ගන්වන්න ICTA අධ්‍යක්ෂ මණ්ඩලයට IT විශේෂඥයින් රැසක්

    December, 20, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තාක්‍ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් සඳහා වූ දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තොරතුරු තාක්‍ෂණික විශේෂඥයින්රැසක් පත් කර ඇත. තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නායකයින්, තාක්‍ෂණ ව්‍යවසායකයින්, විද්වතුන් සහ රාජ්‍ය අංශ සාමාජිකයින්ගෙන් මෙම මණ්ඩලය සමන්විත වේ.

    ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙසින් IFS Sri Lanka හි සම නිර්මාතෘ හා හිටපු සභාපති ජයන්ත ද සිල්වා මහතා පත් කර තිබේ. SLASSCOM, BCS Sri Lanka සහ ශ්‍රී ලංකා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජයන්ත ද සිල්වා මහතා ක්ෂේත්‍රයේ වසර 35 කට අධික පළපුරුද්දක් ඇත්තෙකි.

    තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙසින් 99X Technology  ප්‍රධාන  විධායක සහ SLASSCOM හි  හිටපු සභාපති මනෝ සේකරම්, WSO2 නිර්මාතෘ ආචාර්ය සංජීව වීරවර්ණ, SLIIT ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ, ICTA  හිටපු ප්‍රධාන විධායක රෙෂාන් දේවපුර, SAP India  අලෙවි කළමනාකාර මනෝරි උනම්බුව සහ ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහත්ම මහත්මීන් පත් කර තිබේ.