“කොළොම්තොට ව්‍යවසාය 2019“ – දෙසැම්බර් 21,22 ග්‍රීන්පාත් හිදී

    December, 20, 2019

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන “කොළොම්තොට ව්‍යවසාය 2019“ අලෙවි ප්‍රදර්ශනය, 2019 දෙසැම්බර් 21 සහ 22 දිනයන් හිදී කොළඹ 07 ග්‍රීන්පාත් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    නත්තල් උත්සව සමය ඉලක්ක කර ගනිමින්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන කොළඹ දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ සාමාජිකයින්ගේ අලෙවිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වන මෙම අලෙවි ප්‍රදර්ශනය, වෙළෙඳ කුටි 125 කින් සමන්විත වේ.