December, 27, 2019
ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම රජය විසින් මෑතකදී ලබාදුන් බදු සහනය මේ වනවිටත් ගැනුම්කරුවන්ට සම්පූර්ණයෙන්ම ලබාදීම ආරම්භ කර තිබෙන බවට නිවේදනය කර ඇත.
මේ අනුව, සමාගම විසින් ටයර්වල මිල අඩුකිරීම නිසා සියළුම වර්ගවල ටයර් භාවිතා කරන අංශ ප‍්‍රතිලාභ ලබනු ඇති අතර සමස්තයක් ලෙස මෙරට වෙළඳපොළින් 65% ක වෙළඳපොළ කොටසක් සියැට් විසින් හිමිකරගෙන තිබෙන බස් සහ ට‍්‍රක්රථ ටයර් සහ මෙරට වෙළඳපොළින් 50% ක වෙළඳපොළ කොටසක් සියැට් විසින් හිමිකරගෙන තිබෙන ත‍්‍රිරෝද රථ ටයර් අංශ සඳහා ලබාදෙන මෙම ප‍්‍රතිලාභය වඩාත් කැපී පෙනෙන ලෙස මහජනතාවට සහනයක් වනු ඇති බව සමාගම සඳහන් කරයි.
‘අපගේ ගැනුම්කරුවන්ට මෙම බදු සහනය සම්පූර්ණයෙන්ම ලබාදීම මෙරට මගී ප‍්‍රවාහන වියදම් සහ භාණ්ඩ ප‍්‍රවාහන වියදම් අඩුවීමට හේතුවක් වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා සඳහන් කළේය. ‘මේ නිසා, බදු අඩුකිරීමට රජය ගත් තීන්දුව අප අගය කරන අතර එම බදු අඩුකිරීමේ සහනය අපගේ වෙළඳ නියෝජිතයින් ඔවුන්ගේ පාරිභෝගිකයින්ට ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.’
සියැට් කැළණි සමාගම විසින් කාලීනව වෙළඳපොළට තොග නිදහස් කිරීම කළමනාකරණය කිරීම නිසා රට පුරා සිටින වෙළඳ නියෝජිතයින් ළඟ තිබෙන ටයර් තොග සඳහා මෙම මිල අඩුකිරීම දැනටමත් බලපාන බව ඩඞ්ලානි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි නිෂ්පාදන මෙහෙයුම මගින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ, යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 33% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 65% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 80% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 50% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 32% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.
සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෑතකදී ට‍්‍රක්රථ, බස්රථ සහ ප‍්‍රයිම් මූවර් සඳහා ශ‍්‍රී ලංකාවේ මාර්ග වලට සහ දේශීය තත්ත්වයන්ට ගැලපෙන ශක්තිමත් සහ කාර්ය සාධනයෙන් ඉහළ රේඩියල් ටයර් වෙළඳපොළට හඳුන්වාදෙන ලදී. 2018 ජනවාරි මාසයේදී සමාගම විසින් නිවේදනය කළ රුපියල් බිලියන 03 ක ආයෝජනයෙන් කොටසක් මෙම නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කර ඇත. කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණය තුළ අති නවීන ඉතාලි යන්ත‍්‍රානුසාරයෙන් මෙරට පළමු ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් නිපදවනු ලැබේ.
එසේම, සමාගම විසින් බස්රථ සහ ට‍්‍රක්රථ කාණ්ඩය සඳහා Bias-ply ටයර් අඛණ්ඩවම නිෂ්පාදනය කරන අතර මෙම කාණ්ඩයේ 55% ක් පමණ තවමත් මෙම ටයර් භාවිතා කරයි.
Video Story