December, 30, 2019
නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා Perennial Real Estate Holdings සමාගම සූදානම් වෙයි. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරේ.
ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ. මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳසල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ පවතී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමිවිය.
මෙම ආයෝජනය සඳහා නුදුරේදීම අත්සන් කිරීමත් සමග ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිත අතර එහිදී බදු කුලිය ලෙස ඇ.ඩො. මිලියන 43 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත.
Video Story