පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සියලූම රසායනාගාර පරීක්ෂණ පැකේජ සඳහා 20%ක වට්ටමක්

    December, 30, 2019

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල නිරෝගිමත් ශ්‍රී ලාංකික පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව රෝහලේ සියලූ රසායාගාර පරීක්ෂණ පැකේජ සඳහා 20%ක සුවිශේෂී වට්ටමක් හඳුන්වාදී තිබේ. ”නිරෝගීකම උතුම්ම සැපතයි” යන තේමාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම වට්ටම් පැකේජය 2019 දෙසැම්බර් 20 සිට 2020 ජනවාරි 20 වැනිදා දක්වා
    ක්‍රියාත්මක වේ.

    ජනතාවගේ සෞඛ්ය තත්ත්වය උසස් කිරීමෙහිලා නිරතුරුව කැපවෙන රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල සියලූම රසායනාගාර පරීක්ෂණ පැකේජ හඳුන්වා දී ඇත්තේ ඕනෑම අයකුට දැරිය හැකි සහනදායී මිලකට ඔබත්, මෙම සුවිශේෂි වට්ටම හඳුන්වාදීමත් සමග දැනට පවතින මිලටත් වඩා අඩු මුදලකට එම පරීක්ෂණ සිදු කර ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවන බවක් රෝහලේ සභාපති, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි.

    ”හැමෝම පාහේ ආහාරපාන වැඩිපුර ගනිමින් සතුටින් ගතකරන කාලයක් තමයි උත්සව සමය කියන්නේ. නමුත් එ් අතරතුර තමන්ගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳවත් නිසි සැලකිල්ලක් නොදැක්වුවහොත් එ් සතුට මොහොතකින් නැති වී යා හැකියි. මන්ද මෙවන් සමයක පාලනයකින් තොරව විවිධ ආහාරපාන ගැනීම නොයෙකුත් රෝගාබාධ ඇතිවීමට හේතු විය හැකි නිසයි. එබැවින් මේ උත්සව සමයේ ලෙඩ රෝගවලට ගොදුරු නොවී තමන්ගේ සතුට එලෙසින්ම පවත්වා ගැනීම සඳහා මග පෙන්වීමක් ලෙසයි මෙම විශේෂ වට්ටම රෝහල විසින් හඳුන්වා දෙනු ලැබුවේ” සභාපතිවරයා එසේ පවසයි.

    මෙරට පෞද්ගලික රෝහල් අතර, රසායනාගාර පරීක්ෂණ සඳහා අඩුම මුදලක් අය කරන රෝහල ලෙසද පන්නිපිටිය පෞද්ගලික රෝහල නම් දරා සිටියි. මෙම නත්තල් හා අලූත් අවුරුදු විශේෂ වට්ටම සමග ඉතා අවම මුදලකට ඉහළම ප්රමිතියකින් යුතුව තම සෞඛ්ය පරීක්ෂාව ඉතා විශ්වාසයෙන් යුතුව සිදුකර ගැනීමේ අවස්ථාව එ් අනුව සියලූම ශ්රී ලාංකිකයන්ට උදාවන බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවැසීය. මේ පිළිබඳ සියලූ විස්තර 0112840065සහ 0114328880 යන දුරකථන අංකවලින් ලබාගත හැකිය.

    වයස අවුරුදු 40ට අඩු අය සඳහා වන පැකේජය, අවුරුදු 40ට වැඩි අය සඳහා වන පැකේජය, දියවැඩියා පැකේජය, වකුගඩු රෝග නිශ්චය කිරීමේ පැකේජය. ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන පැකේජය, පූර්ව විවාහ පැකේජය, හදවත් පරීක්ෂාව සඳහා වන පැකේජය, යෞවනයන් සඳහා වන පිරික්සුම් පැකේජය සන්ධි වේදනා සහ සන්ධි ඉදිමීමේ පරීක්ෂාව සඳහා පැකේජය යනාදී වශයෙන් රෝහලකින් සිදුකර ගත හැකි ඕනෑම රසායනාගාර පරීක්ෂණයක් ඇතුළත් වන පරිදි සෞඛ්ය පරීක්ෂණ පැකේජ පන්නිපිටිය පෞද්ගලික රෝහල විසින් හඳුන්වා දී තිබේ. රෝහල වෙත පැමිණෙන ඕනෑම අයකුට එම සියලූම පරීක්ෂණ ඉතා ඉහළ ප්රමිතියකින් යුක්තව සිදු කරගෙන 100%ක් නිරවද්යතාවයෙන් යුතු රසායනාගාර වාර්තා ලබා ගැනීමේ අවස්ථාව උදාවෙන අතර, වෙනත් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන තරමේ අඩුම මුදලකට මෙම සේවාවන් පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් ලබාගත හැකි වීම විශේෂත්වයකි.