December, 30, 2019
මෙරට අලෙවි කෙරෙන සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක (විශ්රාමික) ගේ අත්සනින් යුතුව අංක 2155/34 දරන අති විශේෂ ගැසට් පත්රය පසුගිය සිකුරාදා (27) දින ප්රකාශයට පත් කර තිබේ.
මෙම ගැසට් පත්රයට අනුව ශ්රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති කිලෝ ග්රෑම් 50 ක ඇසුරුමක් සඳහා උපරිම සිල්ලර මිල රු. 1,005.00 ක් ලෙසින් නියම කර තිබේ.
තවද සිමෙන්ති කුඩු ලෙස ආනයනය කොට ශ්රී ලංකාවේ ඇසුරුම්ගත කළ සිමෙන්ති සහ ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කිලෝ ග්රෑම් 50 ක ඇසුරුමක් සඳහා උපරිම සිල්ලර මිල නියම වී ඇත්තේ පිළිවෙලින් රු. 950 ක් සහ රු. 930 ක් වශයෙනි.
Video Story