මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් ආනයනය වහා අත්හිටුවයි

    January, 1, 2020

    රට තුළට විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව අද සිට (ජනවාරි 01) මත්පැන් නිෂ්පාදනය සඳහා ගනු ලබන එතනෝල් ආනයනය කිරීම ඒ අනුව අත්හිටුවනු ලැබේ.

    දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම පියවර ගෙන ඇත.