ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

    January, 7, 2020

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති/ අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

    මෙම ඉල්ලා අස්වීම ඊයේ (06) දින සිට බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දින දැනුම් දී ඇත.