January, 7, 2020
නැගී ඒන ව්‍යවසායකයින්ට හා නව ව්‍යාපාරවලට අවශ්‍ය ආරම්භක ප්රාග්ධනය සැපයීමට බාධා වන සාම්ප්‍රදායික “අවදානම් දැරීමට අකමැති“ මානසිකත්වයෙන් මිදී, බැංකු අංශය තම ණය ලබාදීමේ ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බලන ලෙසට තමන් යෝජනා කරන බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කියා සිටියේය. ඊයේ (06) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘පෙර දැක්ම 2020‘, 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල ප්‍රධානීන් සියල්ලක්ම පාහේ එක්වී සිටියේය.
එහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා,
“තවද, නව ව්‍යවසායකයින් මුහුණ දෙන නිශ්චිත අභියෝග සැලකිල්ලට ගෙන සැකසෙන ණය යෝජනා ක්‍රම බිහිවී නැත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැගී සිටීම උදෙසා බැංකු අංශයේ සහාය අවශ්‍ය අවස්ථාවන් හිදී, විශේෂයෙන්ම රට මුහුණ දුන් ආර්ථික පසුබෑම් අවස්ථාවන්හි දී මෙන්ම ශීඝ්‍ර වර්ධන මාවතක් සඳහා ආර්ථිකය යොමු විය හැකි ඉදිරි කාල පරිච්ඡේදය තුළ දී සංවර්ධනය සඳහා ම වෙන් වූ මූල්‍ය ආයතන නොමැති වීමේ පාඩුව දැඩි ලෙස දැනේ.“
වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.
“ඉහළ ණය හා මුදල් ප්‍රසාරණය සහ අහිතකර ගෙවුම් තුලන පීඩනයන් සැලකිල්ලට ගනිමින් මහ බැංකුව 2018 වසර දක්වා දැඩි මුදල් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් අනුගමනය කළේය. ආර්ථික වර්ධනය පහළ මට්ටමක පැවතීම, උද්ධමන පීඩන අඩු වීම සහ ඉහළ නාමික හා මූර්ථ වෙළෙඳපොළ පොලී අනුපාතික හමුවේ පෞද්ගලික අංශයෙහි ණය වර්ධනය සීඝ්රයෙන් අඩුවීම වැනි තත්ත්වයන් හේතු කොටගෙන වර්තමානයේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගෙන යනු ලබයි. මහ බැංකුව විසින් වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2018 වසරේ නොවැම්බර් මාසයේ දී සහ 2019 මාර්තු මාසයේ දී සමස්තයක් ලෙස සියයට 2.50 කින් අඩු කළේය. එහි අරමුණ දේශීය මුදල් වෙළෙඳපොළ වෙත ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් ලබා දීමයි. ගෝලීය ආර්ථික ක්රියාකාරීත්යෙහි ස්වභාවය ද සැලකිල්ලට ගනිමින් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පියවර දෙකකින්, එනම් පළමුව 20119 මැයි සහ අනතුරුව අගෝස්තු මාසවල දී, පදනම් අංක 100කින් අඩු කළේය.“
“ලිහිල් මුදල් ප්‍රත්පත්තියක් අනුගමනය කළද, නාමික සහ මූර්ත වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතුණි. පෞද්ගලික අංශයෙහි ණය වර්ධනය විශේෂයෙන්ම 2019 මුල් භාගයේ දී සැලකිය යුතු ලෙස පහළ ගියේය. මූල්‍ය ආයතනවල තැන්පතු පොලී අනුපාතික සඳහා උපරිම සීමා පැනවීමේ නියාමන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මහ බැංකුව යොමු කිරීමට මෙය හේතු විය. මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල අපේක්ෂිත බලපෑම මුදල් වෙළෙඳපොළ වෙත සම්ප්‍රේෂණය වීමේ දී පැවති දුර්වලතා විසඳීම සඳහා 2019 අප්‍රේල් මාසයේ දී මෙය සිදු කරන ලදී. තැන්පතු පොලී අනුපාතික සහ අරමුදල්වල පිරිවැය අඩුවීමත් සමඟ මහ බැංකුව විසින් බැංකුවල තැන්පතු පොලී අනුපාතික සඳහා පනවා තිබූ උපරිම සීමා ඉවත් කළ අතර 2019 සැප්තැම්බර් මාසයේ දී බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාතික සඳහා උපරිම සීමා පැනවීය. ආර්ථික වර්ධනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහය වීම සඳහා ණය අනුපාතික සැලකිය යුතු ලෙස අඩු කිරීම තුළින් ණය ප්‍රවාහ වැඩි කිරීම මෙහි අරමුණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ වෙළෙඳපොළ පොලී අනුපාතික 2019 වසරේ දෙවන භාගය තුළ දී සැලකිය යුතු ලෙස අඩුවිය. මූල්‍ය ආයතන විසින් ණය අනුපාතික අඩු කිරීම සහ ණය ප්‍රවාහ වසර තුළ දී සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට ණය අනුපාතික මත පනවා ඇති උපරිම සීමා සමාලෝචනය කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි.“
“මුදල් හා රාජ්‍ය මූල්‍ය සානුබල පවතින පරිසරයක. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා වූ ණය ඉහළ නැංවීම සඳහා නුදුරු අනාගතයේ දී පියවර ගැනීමට නියමිතය. මෙම ක්‍රියාමාර්ග තුළින් 2020 වර්ෂයේ සහ ඉන් ඉදිරියට පෞද්ගලික අංශය වෙත වූ ණය වර්ධනය වේගවත්ව නැවත යථා තත්ත්වයට පත් කිරීමට දායක වනු ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යළි නඟා සිටුවීම සඳහා, විශේෂයෙන්ම අක්‍රීය අත්තිකාරම් ඉලක්ක කර ගනිමින් සහන පැකේජයක් සකස් කරමින් පවතී. මෙම පැකේජය යටතේ සහන අපේක්ෂා කරන්නන් සඳහා ණය හා සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවීම සහ අක්‍රීය ණය ක්‍රියාකාරී ණය බවට නැවත සකස් කිරීම සමඟ පොලී අනුපාතික සහනයක් ලබාදීම ද යෝජනා කර ඇත.එවැනි ණයගැතියන්ගේ ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා ප්‍රාග්ධන ආපසු ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම සහ කෙටිකාලීන කාරක ප්‍රාග්ධන ණය සැපයීම හරහා පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සක්‍රීය කාණ්ඩයේ සිටින ණය ගැණුම්කරුවන් සඳහා, සාධාරණ පොලී අනුපාතික යටතේ ප්රාග්ධනය ආපසු ගෙවීම් සඳහා සහන කාලයක් ඇතුළුව ආපසු ගෙවීමේ කාලසීමාවන් දීර්ඝ කරනු ලැබූ නව පහසුකමක් පිළිබඳ සලකා බලනු ලැබේ.“
Video Story