January, 8, 2020
ශ්‍රීලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා නොවිසිඳුණු ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා සිය කොළඹ-ලන්ඩන්-කොළඹ ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තත්ත්වය සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර අදාළ ජාතික හා ජාත්‍යන්තර බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරනු ඇත.
Video Story