HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට

    January, 27, 2020

    මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB ෆයිනෑන්ස් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

    මේ අනුව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 10ක් මූලික කොටස් නිකුතුවක් හරහා ලැයිස්තුගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී එක් කොටසක් නිකුත් කෙරෙන මිල රු. 5.70 ක් ලෙසින් තීරණය කර ඇත.

    මීට අමතරව සමාගමේ ඡන්ද බලය නොමැති සාමාන්‍ය කොටස් හඳුන්වා දීමේ ක්‍රමවේදය හරහා ලැයිස්තුගත කෙරෙනු ඇත.

    2020 පෙබරවාරි 17 දින මෙම නිකුතුව සඳහා දායකත්වයන් කැඳවීම විවෘත කිරීමට නියමිතය.

    ඇක්විටි පාට්නර්ස් (පුද්) සමාගම මෙම නිකුතුවේ කළමනාකරු ලෙසින් කටයුතු කරනු ලබන අතර, SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරයා ලෙසින් කටයුතු කරනු ලබයි.