ඉ-චැනලින් සභාපති ධූරයෙන් සිරිසේන අස්වෙයි

    January, 28, 2020

    මෙරට ලැයිස්තුගත සමාගමක් වන ඉ-චැනලින් පීඑල්සී හි සභාපති ධූරයන් පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් සමාගම පවසන්නේ මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන බවයි.

    ඉ-චැනලින් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවා වන්නේ මොබිටෙල් (පුද්) සමාගමයි. ඉ-චැනලින් හි 87.59%ක කොටස් හිමිකාරීත්වය මොබිටෙල් සතුව පවතී. මොබිටෙල් යනු ශ්‍රී ලංකා ටෙලිකොම් හි පූර්ණ අනුබද්ධ සමාගමකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා පසුගිය ජනවාරි 06 දින සිය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර එහි නව සභාපතිවරයා වශයෙන් රොහාන් ප්‍රනාන්දු මහතා පත්වීම් ලැබීය.