January, 30, 2020
මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශන මේ වන විට නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මෙම කාර්තුවේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංස් හි ශුද්ධ ලාභයේ දැවැන්ත පහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසන්නේ කොටස් හිමියන්ට ලැබිය යුතු ලාභය 2019/20 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී පසුගිය මූල්‍ය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 50% කින් පහත වැටී ඇති බවයි.
මෙම අගය 2018/19 තෙවන කාර්තුවේ දී රු. බිලියන 5 ක් ලෙසින් වාර්තා වූ අතර පසුගිය කාර්තුවේ දී රු. බිලියන 2.55 ක් දක්වා එය පහළ ගොස් ඇත.
මේ අතර 2019 දෙසැම්බර් 31න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ ලාභය රු. බිලියන 12.59 සිට රු. බිලියන 5.69 ක් දක්වා අඩු වී තිබේ.

Video Story