RAMIS 2.0 – B වෙනුවෙන් රු. බිලියන 2ක කොන්ත්‍රාත්තුවක්

    February, 28, 2020

    බදු පරිපාලන ක්‍රියාවලියේ මූලික කාර්යයන් ඉටු කිරීමට 2016 වර්ෂයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් RAMIS වැඩසටහන භාවිත කරන අතර එමගින් රාජ්‍ය බැංකු සහ වෙනත් ආයතනවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අන්තර්ජාල සේවා හරහා සම්බන්ධ වීමේ සහ අතුරු මුහුණත් සැපයීමේ ඉඩ ප්‍රස්ථාව සලසයි.

    නව දේශීය ආදායම් පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන RAMIS 2.0 – B ලෙස සංස්කරණය කළ RAMIS 2.0 මෘදුකාංගයේ ඉතිරි කොටස වෙනස් කිරීම සඳහා කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, සිංගප්පූරු ඩොලර් 15,534,364ක පිරිවැයකට Singapore Cooperation Enterprice (SCE) ආයතනය වෙත ප්‍රදානය කිරීමට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2 ක කොන්ත්‍රාත්තුවකි.