March, 2, 2020
ජනප්‍රිය සිනමා නළුවකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ලාල් වීරසිංහ මහතා හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කර තිබේ. හොටේල් ඩිවලොපර්ස් පීඑල්සී, කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකරු සහ මෙහෙයුම්කරුවා වේ.
2010 වසරේ දී මාර්ග සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ලාල් වීරසිංහ මහතා 2010 සිට 2013 දක්වා “Social Security Board” හි අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කර ඇත.
L.W. Films නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ඔහු සතුව ඇත.
වර්තමානයේ දී ඔහු නළුවෙකු ලෙසින් දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තය හා එක්ව සිටී.
මේ අනුව හිල්ටන් හෝටලයේ වත්මන් අධ්යක්ෂ මණ්ඩලය නිමල් පෙරේරා (සභාපති), ඉෂාන් දන්තනාරායන, වී. කනගසබාපති, ප්‍රදීප් කුමාර, ප්‍රියන්ත දෙනියාය, ඩී.එස්. අමරසේකර, ජේ.එම්.යූ.පී. ජයමහ සහ ලාල් වීරසිංහ යන අයගෙන් සමන්විත වේ.
Video Story