March, 5, 2020
සමාජයේ සියලුම පුද්ගලයින්ට සහ ව්‍යවසායකයින්ට දැරිය හැකි පිරිවැයක් යටතේ අවශ්‍ය අවස්ථාවලදී විධිමත් මූල්‍ය සේවාවන් ලබාගැනීමට ඇති හැකියාව 'මූල්‍ය අන්තර්ගතභාවය' යන්නෙන් අදහස් කෙරේ. ගෙවීම්, ඉතිරි කිරීම්, ණය, රක්ෂණය සහ විශ්‍රාම වැනි මූල්‍යමය මෙවලම් හා සේවාවන් සඳහා ප්‍රවේශ වීමට සියලු පුරවැසියන්ට ඉඩකඩ සලසා දීම යෝජිත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ක්‍රමෝපාය මඟින් අපේක්ෂා කරනු ලබයි.
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිතව ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීම සඳහා 'මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ක්‍රමෝපාය' (National Financial Inclusion Strategy) සහ ඒ සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම සකස් කරනු ලැබ ඇත. එකී 'මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ක්‍රමෝපාය', යෝජිත ක්‍රියාකාරී සැලැස්ම අනුව ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story