March, 5, 2020
වර්තමානයේ දී රාජ්‍ය බැංකුව ද ඇතුළුව, මෙරට බැංකු බොහෝමයක්ම පාහේ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් අවම ශේෂයක් පවත්වා ගෙන යාමට අපොහොසත් වීමේ හේතුව මත සේවා ගාස්තු අයකිරීමට කටයුතු කරන බවට වාර්තා වී ඇත. එසේ සේවා ගාස්තු අයකිරීමේ බලයක් බැංකු සතුව ඇත්දැයි, අද දෙරණ Biz විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රතිචාර දක්වා සිටියාය.
“ඒ සඳහා බාධාවක් නැහැ. බැංකුවල සේවා ගාස්තු අයකිරීම ඒ අයගේ අලෙවි යාන්ත්‍රණය මගින් තීරණය කරන්නක්. නමුත් ඒ හැම දෙයක්ම ප්‍රසිද්ධ කළ යුතු බව අපි කියලා තියෙනවා. මේ සඳහා දැනට අපේ පාලනයක් නැහැ.“
“සාමාන්‍යයෙන් බැංකු කියනවා අවම තැන්පතුවක් තියාගන්න කියලා. ඒ වෙනුවෙනු ගනුදෙනු පිරිවැයක් බැංකුව දරනවා. ඒ නිසා බැංකුව එයාකාරයෙන් සේවා ගාස්තුවක් අය කරන්න යොමුවෙනවා. නමුත් බැංකුව එවැනි ගාස්තුවක් අය කරන බව ප්‍රසිද්ධියට පත් කර නොමැති නම්, ඒක වැරැද්දක්. ඒ පිළිබඳව සඳහනක් නොකර අයකිරීම තහනම්. එසේ වුණොත් මහ බැංකුව ඒ ගැන සොයා බලනවා.“
කෙසේ වෙතත් අද දෙරණ Biz වෙත වාර්තා වන පරිදි මෙලෙස පවත්වා ගෙන යා යුතු අවම ශේෂය රු. 1,500 ක දක්වා උපරිමයක් දක්වා එක් එක් බැංකුව අනුව වෙනස් වනු ඇත. මෙම අවම ශේෂය පවත්වා නොගැනීම මත ඉතුරුම් ගිණුම්වලින් රු. 25.00 ක මාසික ගාස්තුවක් අයකරනු ලබන බවට වැඩිදුරටත් වාර්තා වේ.
Video Story