March, 10, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවන ලදී. ඒ අනුව අද පෙරවරු 9.42 සිට පෙරවරු 10.12 දක්වා කාලය තුළ සාමාන්‍ය ගනුදෙනු සිදුවූයේ නැත.
මීට හේතුව වූයේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනය සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාමයි.
දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ ගියහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය ස්වයංක්‍රීයවම මිනිත්තු 30 ක කාලයක් සඳහා අඩාල වනු ඇත.
කෙසේ වෙතත් අද පෙරවරු 10.12 ට නැවත කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වූ අතර එහිදී පෙරවරු 10.20 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 188.34 කින් හා S&P SL20 දර්ශකය ඒකක 122.97 කින් පහළ ගොස් තිබුණි.
මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව පිළිවෙලින් 3.52% ක හා 4.96% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.
Video Story