ධම්මික නව සමාගමක් අරඹයි

    March, 10, 2020

    වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම් 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ.

    මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි.

    වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී යෝජිත ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉදිරිකිරීම් පරිපාලනය, සංවර්ධනය හා නඩත්තුව මෙම සමාගමට පැවරෙනු ඇත.

    වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සංස්ථාපනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතීන් හිමිව තිබෙන බව වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවේ.