March, 11, 2020
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ වැඩිම ඒකක ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය ඊයේ (10) දිනයේ දී පහළ යෑමෙන් පසු, අද (11) දිනය තුළ යළි පිබිදීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ.
මේ අනුව අද (11) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 82.61 කින් ඉහළ ගොස් ඒකක 5,204.52 ක් වශයෙන් සටහන් වූයේ පෙර දිනයට සාපේක්ෂව 1.61% ක වර්ධනයක් සමඟිනි. මේ අතර S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,405.80 ක් වශයෙන් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 44.05 ක් හෙවත් 1.87% ක වර්ධනයකි.
දිනය තුළ රුපියල් මිලියන 428.88 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.
Video Story