ශ්‍රී ලංකාව ඩිජිටල් කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා Huawei විසින් TECH4ALL දියත් කරයි

    March, 12, 2020

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නන් අතර ප්‍රමුඛයන් වන Huawei විසින් තාක්ෂණිකමය වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාව සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව TECH4ALL මැයෙන් නව ව්‍යාපෘතියක් දියත් කර ඇත.

    TECH4ALL පිළිබඳ අදහස් දක්වමින් Huawei එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යපාර අංශයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා මෙසේ පවසා සිටී " තාක්ෂණය ඉතාමත් ඉක්මනින් වෙනස් වෙමින් පවතින යුගයක එහි ප්‍රතිලාභ සියලුම ප්‍රජාව සහ ව්‍යාපාර වෙත ලැබෙන්නේදඔවුන් එම ප්‍රතිලාභ සිය ජිවන තත්වයන් උසස් කර ගැනීම උදෙසා භාවිත කරන්නේද යන්න පිළිබඳ විශාල ගැටළුවක් පවතී. මෙහිදී සියලුම රාජ්‍ය ආයතනරජය සහ ව්‍යාපාර ආයතන එකට එක්ව එම ප්‍රතිලාභයන් මහජනතාව වෙත ළඟා කරලීම උදෙසා විශාල කාර්ය භාරයක් සිදු කල යුතුව ඇත.  TECH4ALL  සම්බන්ධතායෙදවුම් සහ කුසලතා (Connectivity, Applications,Skills) යන ක්ෂේත්‍ර  ත්‍රිත්වයක් මත පදනම්ව දියත් කරන ලද අතර මෙහි සම්බන්ධතා (Connectivity) තුලින් තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා වන පිරිවැය සහ ආවරණය සම්බන්ධයෙන් ඇති වන බාධක අවම කිරීමට Huawei විසින් කටයුතු කරයි. මෙහිදී RuralStar. වැනි වැඩසටහන් හරහා Huawei විසින් සියලුම තාක්ෂණික සහකරුවන් වෙත අවම පිරිවැයක්  යටතේ වඩාත් හොඳ wireless ආවරණයක් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.  Application හරහා Huawei විසින් යෙදුම් නිර්මාණය (Application Development) උදෙසා සංවර්ධකයින් බල ගැන්වීම සහ ඒ සඳහා යහපත් තාක්ෂණික පරිසරයක් නිර්මාණය කිරීම සිදු කරයි.  Application  යටතේ  ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය හා ස්මාර්ට් අධ්‍යාපන වැඩසටහන් වැඩිදියුණු කිරීමට ද Huawei කටයුතු කරනු ඇත. තවද ප්‍රජාවරජය සහ විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හා එක්ව කටයුතු කරමින් ඩිජිටල්කරණයෙන් බල ගැන්වීම සහ ඔවුනට අවශ්‍ය සහය සැපයීම කුසලතා (Skills) හරහා සිදු කරනවා. කුසලතා වර්ධනය උදෙසා Huawei විසින් මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යාලයන් තුල ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරයක් විවෘත කිරීමට සියලු කටයුතු සුදානම් කරමින් සිටින අතර Seeds for the Future වැඩසටහනද අඛණ්ඩව මෙම වසරේ සිව්වැනි වරටත් පැවැත්වුණා. 

    TECH4ALL විශ්වාස කරනුයේ ලෝකය වර්ධනය වීමට හා  සංවර්ධනය කිරීමට නම්  මුලිකාංගයන් හතරක් ඒ සඳහා සිය දායකත්වය සැපයිය යුතු බවයි.  අධ්‍යාපනය ඉන් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගන්නා මුලිකාංගයක් වන අතර මෙහිදී සෑම සමාජ මට්ටමකම පුද්ගලයකුට තාක්ෂණය තුලින් ඉගෙනීමට ප්‍රවේශ වීමේ හැකියාව ඇති වර්ධනය කිරීමපරිසරය මුලිකාංගය තුලින් තාක්ෂණය හරහා ස්වභාව ධර්මය සංරක්ෂණය කිරීමට සහ  දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් අවම කිරීම අවස්ථා ඇති කිරීමසෞඛ්‍ය මුලිකාංගය තුලින්  තාක්ෂණය හරහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා වේගවත් හා පහසු ප්‍රවේශයක් ලබා දීමරෝග ඉක්මනින් හඳුනා ගැනීමට හැකිවීම සහ සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා වෛද්‍ය පර්යේෂණ සහාය ලබා දීමසංවර්ධනය මුලිකාංගය තුලින් ව්‍යවසායකත්වය දිරිගැන්වීම සහ ඩිජිටල් සම්පත් සඳහා සමාන ප්‍රවේශයක් තුළින් රැකියා උත්පාදනය කිරීම මගින් ආර්ථික සංවර්ධන ඇති කිරීම වේ. 

    TECH4ALL හරහා සමාජයේ සෑම ක්ෂේත්‍රයකම ජනතාව තාක්ෂණය ඔස්සේ බල ගැන්වීම සිදු කරන අතර මේ හරහා ලෝකයේ මිලියන 500කට අධික ජනතාවක් ඉදිරි වර්ෂ 5 ඇතුළත ප්‍රතිලාභ ලබනවා නිසැකය.