March, 17, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා හෙට (18) දිනය ද නිවාඩු දිනයක් ලෙසින් ප්රකාශයට පත් කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රකාශකයෙකු අද දෙරණ වෙත කියා සිටියේ, දෛනික ගනුදෙනු සඳහා හෙට දිනයේ දීද කොටස් වෙළෙඳපොළ විවෘත නොවන බවයි.
මේ අනුව හෙට දිනය කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා විවෘත නොවන්නේ පසුගිය සති අන්තය ද ඇතුළුව අඛණ්ඩව පස්වන දිනයටයි.
Video Story