සමාජ ශාලා, කැසිනෝ, ස්පා වසාදමන්න තීරණයක්

    March, 18, 2020

    රාත්‍රී සමාජ ශාලා, සූදු පොළවල් හා සම්බාහන මධ්‍යස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට රජය විසින් පියවර ගෙන ඇත.

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (18) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය විය.

    මෙවන් ස්ථානවල විශාල පිරිසක් නිරන්තරයෙන් ගැවසෙන අතර එය කොරෝනා වෛරසය පැතිර යාම සඳහා හේතුවක් වන බැවින් රජය විසින් මෙම තීරණයට එළඹ ඇත.