March, 19, 2020
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) හඳුන්වා දී ජාතික වශයෙන් සුදුසුකම් ප්රදානය කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබයි.
මෙම ක්‍රමවේදය සඳහා පවතින පිළිගැනීම තවදුරටත් පුළුල් කිරීම පිණිස ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ලංකා සේව්‍ය සම්මේලනය සමඟ ඒකාබද්ධව ජාතික වෘත්තීය සුදුසුකම් සහිත නිපුණ ශිල්පීන් හා සංක්‍රමණික විදේශ සේවා නියුක්ත ශ්‍රමිකයින් සඳහා 'නිපුණතා බලපත්‍රයක්' හඳුන්වා දීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඉදිකිරීම්, සත්කාරක සේවා සහ ගෘහස්ථ /රැකවරණය සැපයීම වැනි ක්ෂේත්රවල සීඝ්‍ර ලෙස වර්ධනය වන කර්මාන්ත තෝරාගෙන ඇත.
ඒ අනුව, අවම වශයෙන් එක් වසරක පළපුරුද්ද සහිත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත්ලාභී නිපුණ ශ්‍රමිකයින් සඳහා සුහුරු (SMART) කාඩ්පතක් ලෙසින් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් 'නිපුණතා බලපත්‍රයක්' නිකුත් කිරීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story