March, 19, 2020
රටේ ආර්ථිකය අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නියෝගය, කර්මාන්තශාලා සඳහාද ලබාදෙන මෙන් කර්මාන්තශාලා රැක ගැනීමේ සංසදය රජයෙන් ඉල්ලා සිටී.
තවද කාරක ප්‍රාග්ධනය අතිශය වැදගත් වන්නේ කර්මාන්තශාලා වලට බැවින් 4% ණය පොලී සහනය කර්මාන්තශාලා හිමිකරුවන් සඳහාද ලබා දෙන ලෙසයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ.
එසේ නොවුනහොත් අප රටේ අති විශාල ජනතාවකට රැකියා සපයන දේශීය කර්මාන්තශාලා රැසක් නුදුරේදීම වැසි යෑමට ඉඩ ඇති බවට ඔවුන් රජයට අවධාරණය කර සිටී.
Video Story