කොටස් වෙළෙඳපොළ ලප් තැනම ලොප්

    March, 20, 2020

    පසුගිය මාර්තු 13 වනදායින් පසු අද (20) දින මුල් වරට විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා විය. මීට හේතු වූයේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහත වැටීමයි.

    පෙරවරු 10.00 ට දෛනික ගනුදෙනු ආරම්භ වූ අතර පෙරවරු 10.02ට ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය.

    යළිත් වරක් පෙරවරු 10.32 ට සාමාන්‍ය ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වනු ඇත.

    අද දින පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 03 ක කාලසීමාවකට පමණක් ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘථව පවතී.