March, 20, 2020
අද (20) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මධ්‍යහ්න 12.00 ට අවසන් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
රජය විසින් අද පස්වරු 6.00 සිට සඳුදා (23) පෙරවරු 6.00 දක්වා රටපුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව යාමේ හැකියාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව කොටස් වෙළෙඳපොළ නිවේදනයකින් වැඩිදුරටත් දන්වා ඇත.
පසුගිය මාර්තු 13 වනදායින් පසු අද දින මුල් වරට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත කෙරුණු අතර අද පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් ගනුදෙනු පැවැත්වීමට කලින් තීරණය කර තිබුණි.
Video Story