March, 23, 2020
පාරිභෝගිකයා හට අනවශ්‍ය කලබලයකින් තොරව තමාට අවශ්‍ය සිලින්ඩර, අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් හිඟයකින් තොරව දිවයින පුරා විසිරී සිටින ලාෆ්ස් ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයින්ගෙන් ලබා ගැනීමේ හැකියාව ඇති බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ලැෆ්ස් ගෑස් පාරිභෝගිකයන් ගෑස් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගතයුතු අතර වැඩිදුර තොරතුරු 0114 427 427 අංකය අමතා ලබා ගත හැකි බවයි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.
මෙරට දැනට පවත්නා වාතාවරණය යටතේ වුවද පාරිභෝගිතයා හට අවශ්‍ය L.P. ගෑස් ලබා දීමට ලාෆ්ස් ගෑස් සමාගම සියලු කටයුතු යොදා ඇත. මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මක වන ලාෆ්ස් ගෑස් බෙදාහැරීම් නියෝජිත මධ්‍යස්ථානයන් හි මෙන්ම 8,000කට අධික අලෙවි නියෝජිත ජාලය තුල අවශ්‍ය තරම් ගෑස් තොග සමාගම විසින් රඳවා ඇති අතරම රජය මගින් මේ වන විට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හමුවේ වුවද විශේෂ අවසරයන් යටතේ ඉදිරි දින කිහිය සඳහා අවශ්‍ය ගෑස් සංචිත බෙදාහැරීමේ නියෝජිත ස්ථානයන් දක්වා ප්‍රවාහනය කරමින් සිටී.
Video Story