March, 24, 2020
අඟහරුවාදා (මාර්තු 24) දිනයේ දී කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සඳහා පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදුවන බැවින් එදින පෙරවරු 10.00 දක්වා පමණක් එම ප්‍රදේශවල බැංකු ශාඛා විවෘත කිරීම වාණිජ බැංකු ඇතුළු බැංකු ගණනාවක් පියවර ගෙන ඇත.
මෙම කාලය තුළ දී බැංකු ශාඛා මගින් සීමිත බැංකු සේවා පමණක් ලබා දීමට පියවර ගන්නා අතර මෙහිදී බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ මුදල් ලබාගැනීම්, මුදල් තැන්පත් කිරීම්, බිල්පත් ගෙවීම් ආදී කටයුතු සඳහා හැකිතාක් CDM, ATM යන්ත්‍ර භාවිතයට පියවර ගන්නා ලෙස හා අන්තර්ජාල බැංකු කටයුතු යොදා ගන්නා ලෙසයි.
මෙහිදී බොහෝ බැංකු සිය ශාඛාවන් පෙරවරු 8.30 සිට පෙරවරු 10.00 දක්වා විවෘත කර තැබීමට කටයුතු කර ඇති අතර තවත් බැංකු සිය ශාඛාවන් පෙරවරු 9.00 සිට පෙරවරු 10.30 දක්වා විවෘත කර තැබීමට කටයුතු කර ඇත.
එක් එක් බැංකුවෙහි එක් එක් ප්‍රදේශයන්ට අදාළ ශාඛාවන් විවෘත කර ඇති වේලාවන් එම බැංකුවල නිල ෆේස්බුක් පිටුවල යාවත්කාලීන කර ඇත.
අත්‍යවශ්‍යම සේවාවකට පමණක් ශාඛාව තුළට පිවිසෙන මෙන් මෙම බැංකු යළියළිත් අවධාරණය කර සිටී. එසේම ශාඛාවක් තුළට වරකට ඇතුළු කර ගන්නා ගනුදෙනුකරුවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි සීමා පනවා තිබේ.
Video Story