රජයේ නිලධාරීන්ට නිවසේ සිටම වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක්

    March, 26, 2020

    රජයේ තීරණාත්මක කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ප්‍රධාන සන්නිවේදන මෙවලම් දෙකක් හඳුන්වා දී ඇති අතර එය දැනටමත් රජයේ ප්‍රධාන ආයතන ගණනාවක් විසින් අනුගමනය කරනු ලැබේ. පවතින තත්වය තුළ රජයේ එදිනෙදා කටයුතු  අඛණ්ඩතාව පවත්ව ගෙනයාම ඉතා වැදගත් වේ. රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ආයතන අතර තථ්‍යකාලීන තොරතුරු හුවමාරු කර ගැනීම (Real time information sharing) සහ සන්නිවේදනය කිරීම, රාජ්‍ය ආයතන  සහ සේවකයින් සම්බන්ධ කිරීම කාලයෙහි අත්‍යවශ්‍ය කරුණකි.

    එක් මෙවලමක්  වඩාත් ඵලදායි ලෙස සන්නිවේදනය සඳහා කැපවී ඇති අතර එමඟින් වෙනත් බොහෝ ප්රයෝජනවත් පහසුකම් සමඟ   පණිවිඩ හුවමාරුව ද  ඇතුළත් වේ. මෙමඟින් රජයට බාධාවකින් තොරව සම්බන්ධීකරණ ක්රියාදාමයකින් තම  නිලධාරීන් අතර නොමිලේ  සන්නිවේදනය කිරීමට  හැකි වේ.

    දෙවන මෙවලම වීඩියෝ සම්මන්ත්රණ අවශ්යතා සපුරාලන  (open source)  ලද විවෘත කේත නිෂ්පාදනයක් වේ. https://meet.gov.lk/ සමගින්  ඕනෑම රජයේ ආයතනයකට මේ හා සම්බන්ද වීමෙන් බාධාවකින් තොරව අදාල නිලධාරීන් සමග වීඩීඕ සංවාද මණ්ඩප මගින් එකම මොහොතක විශාල  පිරිසක්  සමග නිවෙස්වල සිටම එක්වී  කටයුතු කල හැකිය.  විශේෂාංග රාශියක් ඇති අතර ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියෙහි  (LGII)  සහාය ඇතිව ආරක්ෂිත ලෙස ශ්රී ලංකා  රජයට පමණක් හිමිකම් ඇති  ලංකා රජයේ මේඝය ( LGC) මේ මෘදුකාංග සදහා පහසුකම් සපයා ඇත .රාජ්ය නිලධාරීන් ට මේ පහසුකම් නොමිලේ සැපයේ. අමාත්‍යංශ පළාත්පාලන ආයතන දෙපාර්තමේන්තු රාශියක නිලධාරීන් හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) නිලධාරීන් මේ කටයුතු මේවන විටත් ඉතා සාර්ථක ලෙස සිදුකරමින් සිටි. අනෙකුත් නිලධාරීන් හට 011 2497900 මගින් අවශ්ය සහය ලබාගත  හැකිය.