April, 3, 2020
දේශීය කිරි ගොවීන්ගේ යහපත උදෙසා කිරි මිලදීගැනීම් අඛණ්ඩව සිදු කරයි
ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර රාශියක් ගෙන තිබේ.
මෙහි එක් පියවරක් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට ෆොන්ටෙරා සමාගම පියවර ගත්තේ ය. COVID-19 සම්බන්ධ මානුෂීය මෙහෙයුම් කටයුතු සහ පවතින අර්බුදය හමුවේ ජනතාව විපතින් මුදවා ගැනීම සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙන සෞඛ්‍ය සේවා නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම මුදල් වැයකෙරෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා මෙසේ පැවසී ය. ”සෞඛ්‍ය සේවා නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදාව සහ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක වන කාර්ය සාධක බලකාය මේ මොහොතේ රට මුහුණපා ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඉටුකරමින් සිටින මෙහෙවර ප‍්‍රශංසනීයයි. ඔවුන්ගේ උත්සාහයන්ට අත්වැලක් වීම අපගේ ප‍්‍රධානතම ඉලක්කය වී තිබෙනවා.”
පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ දේශීය කිරිගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස දිගින් දිගටම ඔවුන්ගෙන් කිරි මිලදී ගැනීමට ෆොන්ටෙරා සමාගම කටයුතු යොදා තිබේ. මෙම ක‍්‍රියාවලිය තුළදී ගොවීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලබාදීම වැනි පියවර රාශියක් ගෙන ඇත.
”මෙවැනි ව්‍යසනයකදී සියලූම දෙනා එකට එක්වී මානුෂීය ලෙස මෙම මෙහෙවරට උරදීම ඉතාමත් වැදගත්. කිරි නිෂ්පාදන සමාගමක් ලෙස මෙහිදී අප සමග අත්වැල් බැඳගෙන සිටින කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කිරීමට අපගේ අවධානය දැඩි ලෙස යොමුවී තිබෙනවා.” සුනිල් සේති මහතා පැවසී ය.
එමෙන්ම ග‍්‍රාමීය ජනතාව සඳහා ආහාර සහ වෙනත් පහසුකම් සැපයීම අරමුණු කරගත් ‘මනුසත් දෙරණ’ සහ ‘හිරු සහන යාත‍්‍රා’ වැනි වැඩසටහන්වලට තම දායකත්වය ලබාදීමටද ඇන්කර් කටයුතු කර තිබේ. තවද රෝහල් සහ සෞඛ්‍ය සේවා නිලධාරීන් සඳහා ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ෆොන්ටෙරා කණ්ඩායම් පියවර ගෙන ඇති අතර, තම දීපව්‍යාප්ත බෙදාහැරීම් ජාලය සමග එක්වී, දිවයින පුරා විවිධ දුෂ්කරතාවන්ට මුහණ දී සිටින ජනතාවට ආධාර ලබාදීමටද කටයුතු යොදා ඇත.
මේ ආකාරයට විවිධ වැඩසටහන් සඳහා ෆොන්ටෙරා සමාගම මේ දක්වා පරිත්‍යාග කර ඇති මුදල් සහ නිෂ්පාදනවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 12 ඉක්මවයි.
ජනතාවට අඛණ්ඩව කිරි සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා රජය දරන උත්සාහයන්ට සහය වෙමින් සහ රටේ තත්ත්වය පාලනය කිරීම සඳහා පනවා ඇති විවිධ සීමාවන් හමුවේ බලධාරීන්ගෙන් නිසි අවසරය ලබා ගනිමින්, ජනතාවට තම නිෂ්පාදන අන්තර්ජාලය පදනම් කරගත් ක‍්‍රම සහ අනෙකුත් සේවාවන් හරහා මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන ඇත.
මේ සියලූම කටයුතුවලදී තම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ෆොන්ටෙරා සමාගම මූලික අවධානයක් යොමුකර තිබේ. අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා සීමිත කණ්ඩායමක් සිය කර්මාන්තශාලා පරිශ‍්‍රයේ කටයුතු කරන අතරම එම කණ්ඩායමේ ආරක්ෂාව සඳහා සමාගම අවශ්‍ය සියලූ පියවර ගෙන ඇත. පවතින අර්බුදය හමුවේ තම සැපයුම් දාමයේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් තම කාර්ය මණ්ඩලයේ සහ සියලූම හවුල්කරුවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා රු. මිලියන 9 කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට ෆොන්ටෙරා සමාගම මේ වන විටත් කටයුතු කර තිබේ.
මෙම අර්බුදය හමුවේ අපගේ කණ්ඩායම් පෙන්නුම් කර ඇති මනුෂ්‍යත්වය, නායකත්වය හා විනයගරුක භාවය සම්බන්ධයෙන් අප බෙහෙවින් ආඩම්බර වනවා. ශ‍්‍රී ලංකාවට මේ අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරියටත් හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමට අප සූදානම්’’ සුනිල් සේති මහතා වැඩිදුරටත් පැවසී ය.
ඡායා - ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා (වමේ) ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මගින් COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත සිදුකරන ලද රු. මිලියන 10 ක පරිත්‍යාගය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් අවස්ථාව.

දුෂ්කර ගම්මානවලට ආහාර සහ වෙනත් ද්‍රව්‍ය රැුගෙන යන සහන සේවාවන්ට ඇන්කර් හරහා තම දායකත්වය ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.
Video Story