April, 10, 2020
2020 අපේ‍්‍රල් මස 09 වන දින පස්වරු 2 ට ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලයේදී සතියකට එක් වෙනදේසියක් බැගින් සතිපතා වෙන්දේසි කිරීමේ මූලාරම්භය, රජයේ හා දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව කොළඹ රබර් වෙළෙන්ඳන්ගේ සංගමය විසින් පටන් ගැණුනි. අවසාන රබර් වෙන්දේසි කිරීම 2020 මාර්තු මස 13 වන දින පැවැත්වුණු අතර මීළඟ රබර් වෙන්දේසිය 2020 මාර්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත වුණු අතර රජය විසින් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් එය පැවැත්වීමට නොහැකි විය.
කොවිඞ් 19 වසංගත තත්ත්වය පැතිරවීම වැළැක්වීමෙහිලා පාර්ශවකරුන්ගේ සහය ලබා ගැනීම සහ කර්මාන්තය නැවත පණ ගැන්වීමේ දැක්ම සහිත 2020 අපේ‍්‍රල් මස 4 වන දින ජනාධිපති කාර්ය සාධක බලකායේ ගරු සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත නියෝ්ජිතයන්ගේ සාකචඡාවක් පැවැත්වුනු අතර, එහි ප්‍රථිපලයක් ලෙස සතිපතා රබර් වෙන්දේසි කිරීම පවත්වා ගෙන යාමට අවශ්‍ය අවසරය සපයන ලදී.

රබර් සාම්පල ශ්‍රේණිගත කිරීම හා වෙන්දේසි කිරීමේ කි‍්‍රයාවලිය, දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වැඩබිම් (රබර් වෙන්දේසි ස්ථානයෙ) සම්බන්ධ කොවිඞ් 19 වසංගතය නිවාරණ පූර්වාරක්ෂක ක්‍රම අනුව කල යුතු බව කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය (Colombo Rubber Traders' Association- CRTA) මගින් රබර් වෙළන්ඳන්ගේ හා අතරමැදියන්ගේ මෙන් ම මිලදී ගන්නන්ගෙන් ඉල්ලා සිටින ලදී.
වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකාර්මික අමාත්‍යංශය මගින් රබර් කර්මාන්තයට සහය වනු පිණිස, අදාල බලාධිකාරීන්ගෙන් මේ සඳහා ඇඳිරි නීති සමයේ අවශ්‍ය පහසුකම් සලසන ලෙස ඉල්ලා සිටින ලදී.
2020 අප්‍රේල් 9 වන දින රබර් වෙන්දේසියෙහිදී ලබා ගත් ප්‍රමාණයන් අනුව රබර් කිරි/ පෙණ ඉවත් කරන ලද රබර් (Skim/ රැුලි සහිත රබර් (Crepe rubber) ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 298,650 වන අතර RSS රබර් ප්‍රමාණය කිලෝ ග්‍රෑම්26,971 ක් විය.
Latex crepe 1X ශ්‍රේණිය වෙනුවෙන් ගෙවන ඉහළම මිල කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 350ක් වේ. RSS රබර් ශේ්රණි වෙනුවෙන් ගෙවන මිල වෙන්දේසි පොළේදී සඳහන් නොකෙරුණි.
කොළඹ රබර් වෙළෙන්ඳන්ගේ සංගමය බලාපොරොත්තු වන්නේ දැනට සතියකට එක් වෙන්දේසියේ විකිණීමක් පවත්වා ගෙන යාම වන අතර රටේ පවත්නා තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වන විට සතියකට වෙන්දේසියේ විකිණීම් 2 ක් පැවැත්වීමට බලාපොරොත්තු වේ.
Video Story